යුද්ධය ගැන ජාත්‍යන්තර විනිශ්චයක් අවශ්‍ය නැහැ.-අගමැති.

Sunday, 18 January 2015 - 12:41

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.
පසුගිය රාජපක්ෂ පාලනය තුළ ඉන්දියාවට එරෙහිව චීනය භාවිත කිරීමේ ප්‍රවණතාවක් පැවති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඉන්දීය එන්.ඞී.ටී.වී ප්‍රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව සමඟ සාම්ප්‍රදායික මිතුරු සබඳතා වර්ධනය කරලීමට පියවර ගන්නා බවයි.

‘‘ඉන්දියාව සමග සාම්ප්‍රදායික මිතුරුදම ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරනවා චීනය, ජපානය සහ අනෙකුත් රටවල් සමඟ සබඳතා පවත්වා ගනිමින්. රාජපක්ෂ රෙජීමය ඉන්දියාවට එරෙහිව චීනය පාවිච්චි කරන්න උත්සාහ කළා. ඒ වගේම චීනයට එරෙහිව ඉන්දියාවත්. චීනය සමග පමණක් නොවෙයි පසුගිය පාලනයේ සියලූම විදේශීය කොන්ත්‍රාත්තු ගැන අප සොයා බැලීමට සූදානම්. දැවැන්ත මුදල් සම්භාරයක් වැය කෙරෙන කොළඹ - පෝට් සිටි ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් සහ ශක්‍යතාව පිළිබඳව වාර්තාවක් ලබා ගන්නවා. එහි දූෂණයක් සිදුව ඇත්දැයි කිව හැක්කේ එම වාර්තා ලැබීමෙන් පසුවයි.’’                             

මෙරට සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන එල්ල කරන චෝදනා පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එහිදී පැනයක් යොමුවුණා. අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ පාර්ශවකරුවෙකු නොවන බවයි.

‘‘යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර ආයතනික ව්‍යූහයේ ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු නොවෙයි. එම නිසා එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විනිශ්චය කළ හැක්කේ දේශීය යාන්ත්‍රණයක් තුළ පමණයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ව්‍යූහයන් සමඟ එක්ව කටයුතු කිරීමට අප සූදානම්. එහෙත් ජාත්‍යන්තර වශයෙන් එල්ල වන චෝදනාවකදී හෝ මෙරට සිදුවූ  ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් විනිශ්චය ලබාදිය හැක්කේ ශ්‍රී ලාංකික අධිකරණයකට පමණයි.’’

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර තම ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ඊයේ පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කළා. මංගල සමරවීර අමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිද මුණ ගැසීමට නියමිතයි. ඉන්දියාව සමඟ සබඳතා ප්‍රකෘතිමත් කිරීමට නව රජය සූදානම් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට පෙර ප්‍රකාශ කළේ යැයි හින්දු පුවත්පත වාර්තා කළා.

මේ අතර, විදේශ අමාත්‍ය මංගල සමරවීර සමග පවත්වන සාකච්ඡාවේදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස තමිල්නාඩු ධීවර සංගම් ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය වෙතින් ඉල්ලා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories