Update: හිටපු ජනපතිගේ සහ නාමල්ගේ රුව සහිත බිත්ති ඔරලෝසු 68,000ක් සොයා ගැනේ.

Sunday, 18 January 2015 - 15:12

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%94+68%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
සපුගස්කන්ද - හෙයියන්තුඩුව - මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයේ රුව ඇතුළත් බිත්ති ඔරලෝසු 68,000ක් සොයාගෙන තිබෙනවා. සපුගස්කන්ද පොලීසියට ලද තොරතුරක් මත මෙම ගබඩාව සෝදිසි කර ඇති අතර එහි තිබී ජනාධිපතිවරණයට අදාළ පෝස්ටර් තොගයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ගබඩාවේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ මෙම ගබඩාව වරාය අධිකාරිය මාසිකව රුපියල් ලක්ෂ 15ක මුදලකට කුලියට ගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා. 



Update: Sunday, 18 January 2015 - 07:30 PM
....................................................................
හිටපු ජනපතිගේ රුව සහිත බිත්ති ඔරලෝසු 68,000ක් සපුගස්කන්දේ ගබඩාවකින් මතුවේ.

සපුගස්කන්ද - හෙයියන්තුඩුව - මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයේ රුව ඇතුළත් බිත්ති ඔරලෝසු 68,000ක් සොයාගෙන තිබෙනවා. සපුගස්කන්ද පොලීසියට ලද තොරතුරක් මත මෙම ගබඩාව සෝදිසි කර ඇති අතර එහි තිබී ජනාධිපතිවරණයට අදාළ පෝස්ටර් තොගයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ගබඩාවේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ මෙම ගබඩාව වරාය අධිකාරියට මාසිකව රුපියල් ලක්ෂ 15කට කුලියට ලබාදුන් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories