ඉල්ලා අස්වූ වදුරඹ ඕ. අයි.සී.ගෙන් අභියාචනයක්.

Monday, 19 January 2015 - 7:56

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B9++%E0%B6%95.+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
තමා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා වදුරඹ හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.එල්. කීර්තිසිංහ පොලිස්පතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු සුළු අපනයනභෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3 දෙනෙකු බලහත්කාරයෙන් මුදාගෙන යාම සම්බන්ධයෙන් වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 22 වන දා සේවයෙන් ඉල්ලා අස්වුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ මුදාගෙන යනු ලැබුවේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා වදුරඹ නගරයේ සංවිධාන කර තිබූ ප්‍රචාරක රැළියක වේදිකාවට ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 3 දෙනෙකුයි. සැකකරුවන් 3 දෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමට සූදානම්ව සිටි අවස්ථාවේ වදුරඹ පොලිස් ස්ථානයට පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් මුදාගෙන යනු ලැබුවා. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා ලූහුබැදි පොලීසිය එම සැකකරුවන් යළි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී ඔහු සිංගප්පූරුවට ගොස් තිබුණා. පසුව ඔහු යළි දිවයිනට පැමිණෙන විට පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය මස 28 වැනිදායි. අනතුරුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories