Update : පාවෙන අවි ගබඩාවට අනුමැතිය ලැබුණේ කෙසේද?

Monday, 19 January 2015 - 8:06

Update+%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%3F
ගාල්ල වරායේ නෞකාවක් තුළ අවි ආයුධ තබාගැනීමට පෞද්ගලික ආයතනයකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව අද දිනයේදී පරික්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ලබාදී ඇති නීතිමය තත්ත්වය පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවයි.

ගාල්ල වරායේ මහනුවර නැමති නෞකාවක් තුළ අවි ආයුධ ගබඩා කර ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊයේ විමර්ශන ආරම්භ කෙරුණා. එහිදී හෙළිවූයේ නැවේ තිබුණු කන්ටේනර් 22 න් 20 කම අවි ආයුධ ගබඩා කර ඇති බවයි.

‘මහනුවර’ නැමති මෙම නෞකාව ඇවන්ගාඞ් පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනය මගින් කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.  නෞකාවේ භාරකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මෙහි ටී - 56 වර්ගයේ ගිනි අවි, ස්වංක්‍රීය මැෂින් තුවක්කු, 84 - එස් රයිෆල් වර්ගයේ ගිනි අවි සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 3000ක් පමණ ගබඩා කර ඇති බවයි.  

ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් මත නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා පාවෙන අවි ගබඩාවක් මෙම නැව තුළ පවත්වාගෙන ගිය බවයි නැවේ හිමිකරුවන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඇවන්ගාඞ් නමැති පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනය හිටපු යුද හමුදා මේජර්වරයෙකු වන නිශ්ශංක සේනාධිපතිට අයත් ආයතනයක්.  

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙහි පවතින නීතිමය තත්ත්වය පිළිබඳව අද දිනයේදී විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/4OpdGQ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories