ඇමරිකානු උප ජනාධිපති නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්.

Monday, 19 January 2015 - 8:33

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවස ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමක් පිළිබඳව ඇමරිකාවේ ඩෙල්වෙයාර් ප්‍රදේශයෙන් වාර්තාවුණා. සෙනසුරාදා රාත්‍රියේ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ උප ජනාධිපති නිවස ඉදිරිපිටින් අධිවේගයෙන් ගමන් ගත් මෝටර් රථයකින්. කෙසේ නමුත් එම අවස්ථාවේ උප ජනාධිපති ජෝ බයිඩන් නිවසේ නොසිටි බව සඳහන්. සිද්ධිය පිළිබඳව උප ජනාධිපති බිරිඳ පසුව කරුණු පැහැදිළි කළා. වෙඩි තැබූ මෝටර් රථය ගමන් ගත් මාර්ගය නිවසට බොහෝ ඉදිරියෙන් වැටී තිබුණද ඉන් හානියක් සිදුවිය හැකිව තිබුණේදැයි දැන් පරීක්ෂාවට ලක්වනවා.

මීට මාස 4 කට පෙර ඇමරිකානු ජනාධිපති නිල නිවහන වන ධවල මන්දිරයේ ආරක්ෂක රැකවල් මගහැර පිහියක් රැගත් පුද්ගලයෙකු ඊට ඇතුලූවීමේ සිද්ධියක්ද වාර්තාවුණා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ  අඩුලූහුඩුකම්වල වගකීම භාරගනිමින් එරට රහස් ඔත්තු සේවා ප්‍රධානියාද ඉල්ලා අස්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories