Update: තෙවරප්පෙරුමට නොතීසි.

Monday, 19 January 2015 - 12:47

Update%3A+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.
මතුගම - අගලවත්ත ප්‍රදේශයේ දී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට ලබන මාර්තු 2 වන දා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. පොලිස් මූලස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ මතුගම පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ගෙන් විමසීමක් කළා. ඔහු එහිදී කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

මතුගම - අගලවත්ත ප්‍රදේශයේ ඊයේ දහවල් දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවනු ලැබුවා. කෙසේ වෙතත්, තවදුරටත් අගලවත්ත ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Update: Monday, 19 January 2015 - 07:33 PM
---------------------------------------------
තෙවරප්පෙරුමට නිතිය ඉදිරියට යන්න වෙයිද ?

අගලවත්ත නගරයේදී ඊයේ (18) කළහකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායකවරයාද වන හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අගලවත්ත නගරයේ ඊයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව දැනුම්දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඊට නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද එක්ව සිටියා.

මෙම සිදුවීමෙන් අනතුරුව අගලවත්ත සහ මතුගම ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. එමෙන්ම අදාළ සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories