ශ්‍රී ලාංකිකයන්ට එරෙහි විනිශ්චය ලබාදිය හැක්කේ රටටම පමණයි.-අගමැති.

Monday, 19 January 2015 - 12:49

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.
විධායකයේ බලතල අභිබවා පාර්ලිමේන්තු බලතල ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය නව රජය දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමේ පනත් කෙටුම්පත ඇතුලූ කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අතර, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටද පියවර ගැනෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නීතිපති ධුරයේ 130 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ මාලාවේ අද (19) ආරම්භ වූ දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියානු නීතිපතිවරුන්ගේ සමුළුව අමතමින්.

‘‘සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ පනත, ජාතික විගණන පනත ආදී පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියකයි අප නිරතව සිටින්නේ. එය යහපාලනය ඇති කිරීමේ මුල් පියවරක් පමණයි. එම පනත් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සාකච්ඡා කිරීමට අප අදහස් කරනවා. එමෙන්ම මෙය අප සාධනය කළ යුතු ක්‍රියාවලියක් සහ ඉලක්කයක්. එහිදී ස්වාධීන කොමිෂන් පිහිටුවීමද සිදු කෙරෙනවා. එමඟින් විධායකය අභිබවා ව්‍යවස්ථාදායකයේ බලය තහවුරු කළ හැකියි. අප විශේෂයෙන් කිව යුතු කරුණක් නම් ශ්‍රී ලංකාව රෝම සම්මුතියේ පාර්ශවකරුවෙකු නොවන බව. මේ නිසා  ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එරෙහි විනිශ්චයක් ලබාදිය යුත්තේ ශ්‍රී ලංකාව තුළදීමයි. එයින් අදහස් කරන්නේ නැහැ අප ජාත්‍යන්තර සංවිධාන මගහරින බව. ඒවා සමග ධනාත්මකව කටයුතු කරන්න අප සූදානම්. ඒ තුළින් මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කරගන්න හැකිවේවි. මේ සියල්ල තුළින් මෙරට නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න හැකිවන බව අපේ විශ්වාසයයි.’’

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, රවුෆ් හකීම් සහ නවීන් දිසානායක අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රීී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියද එක්ව සිටියා. මෙහිදී නීතිපති ධුරයේ සංවත්සර සැමරුම නිමිත්තෙන් මුල්දින කවරයක් සහ මුද්දරයක්ද එළිදැක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories