මෝදි මාර්තු මාසයේ ලංකාවට.

Tuesday, 20 January 2015 - 8:02

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
1987 වසරේ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එනම්, වසර 28කට පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මේ වසරේ මාර්තු මාසයේ නිළ රාජ්‍ය චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව හින්දු පුවත්පත අද වාර්තා කළා. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ප්‍රථම විදේශ චාරිකාව ලෙස ලබන මාසයේ ඉන්දියාවේ චාරිකා කරන බව ද එම පුවත්පත සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ ඉන්දීය සංචාරය පිළිබද වාර්තාවක් ගෙන එමින්. විදේශ අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඊයේ නිළ සාකච්ඡාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී නව රජය නව ප්‍රවේශයක් අනුගමනය කරන බවයි.





 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories