සියලූ පක්ෂ සමඟ සාකච්ඡා කර 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ හැකියි - මංගල

Tuesday, 20 January 2015 - 13:05

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+13+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
උතුරු - නැගෙනහිර ඇතුළු පළාත්වලට බලය බෙදා හැරෙන 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඉන්දියාවේ සංචාරක නිරත වන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා සියලූ පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. එවැනි සාකච්ඡාවක් ඉදිරි මහමැතිවරණයෙන් අනතුරුව සිදුකළ හැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ නවදිල්ලියේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා සදහන් කළේ යැයි හින්දු පුවත්පත වාර්තා කළා.

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව රජය සමත් වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සමීපතම අසල්වැසියා සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවයි.

ජිනිවා හි ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත නව ප්‍රවේශයක් යොමු කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මෙහිදී ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබමින් දේශීය යාන්ත්‍රණයක් ඒ සඳහා ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.

එල්.ටී.ටී.ඊ. ය යළි ඉස්මතු වීමේ අවදානමක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා පසුගිය වසරවලදී මෙරට හැර ගිය සියලූ ශ්‍රී ලාංකිකයන්ට නැවත පැමිණෙන ලෙස විවෘත ආරාධනයක් ද කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories