අගලවත්තේදී සන්ධාන ප්‍රා. මන්ත්‍රීවරයෙකු දණ ගැස්සවීමේ සිද්ධියට තුන්දෙනෙකු අල්ලයි.

Wednesday, 21 January 2015 - 8:06

%E0%B6%85%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්දෙනෙකු මතුගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ මෙම සිද්ධිය  සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි දිනවලදී කටයුතු කරන බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පොලිස්පතිවරයාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පේරුම අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පහරදී දණ ගැස්සවීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර පරීක්ෂණ සිදුකරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ඊයේ නියෝග කර තිබුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories