බෙදුම්වාදයට සහ ඊලාම් වාදයට ඉඩ නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (21) සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පෙරවරු 10.10 ට යෙදුණු සුබ මොහොතින් ඔහු මෙලෙස වැඩ භාරගත් බව එම ස්ථානයේ සිටි අප මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළා. අනතුරුව විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දින සියයේ වැඩපිළිවෙලට පූර්ණ සහය ලබාදෙන බවයි.
එකම පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයෙකු සහ විපක්ෂ නායකවරයෙකු පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම නව අත්දැකීමක් බවයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා තවදුරටත් සඳහන් කළේ.
Update : Wednesday, 21 January 2015 - 13:01
------------------------------------------------
නව විපක්ෂ නායක වැඩ භාර ගනියි.
නව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද (21) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තා. පෙරවරු 10.10 ට යෙදුණු සුබ මොහොතින් ඔහු මෙලෙස වැඩ භාරගත් බවයි එම ස්ථානයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී ප්රගතිශීලි කඳවුර ජයග්‍රහණය කරවීම සඳහා පියවර ගත යුතු බවයි.

Follow US
Most Viewed Stories