Update : මන්ත්‍රී තෙවරප්පෙරුම 02 වැනිදා දක්වා රිමාන්ඞ්.

Wednesday, 21 January 2015 - 11:54

Update+%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+02+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.
පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී දණ ගැස්වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Wednesday, 21 January 2015 - 11:54
--------------------------------------------------------------------------------------------------------------------------------------

කළුතර - අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (21) පොලිසියට භාර වුණා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාසය ඔහු භාර වූ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පසුගිය ඉරිදා ඇතිවු මෙම සිද්ධියට සම්බන්ධ තවත් තුන් දෙනෙකු මතුගමදී ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර පරීක්ෂණ ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඊයේ පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

මේ අතර, ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටි හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අද ගම්පොළ අධිකරණයට භාර වුණා. ඒ, ඊට අදාළව චෝදනා එල්ල වූ අනෙක් සැකකරුවන් තුන් දෙනාද සමඟයි. මීට පෙර පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්නට රටින් පිටවීමද අධිකරණය තහනම් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට අමතරව ගම්පොළ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රි තරංග විට්ටච්චි, උඩපළාත ප්‍රාදේශීය සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රී සුමුදු බණ්ඩාර සහ තවත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබුණා.  


මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/6l78Af




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories