යාපනයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකක් අඩු වේ.

Wednesday, 21 January 2015 - 13:09

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%9A.
2014 ඡන්ද නාම ලේඛණයට අනුව යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර දෙකක් අඩු වී එම මන්ත්‍රී ධුර දෙක නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එකතු වී තිබෙනවා. අවසන් වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වනු ලැබුවේ 2010 වසරේදීයි. එම මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 09 ක් හිමි වූ අතර, 2014 ඡන්ද නාම ලේඛණයට අනුව එම සංඛ්‍යාව දෙකකින් අඩු වී දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 07 ක් හිමිවනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගිය මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 07 ක් හිමි වූ අතර, එය මෙවර 08 දක්වාත් රත්නපුර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර දහය, එකොලහ දක්වාත් වැඩි වී ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ. කෙසේ වෙතත්, 2010 මැතිවරණය සඳහා යොදාගත් 2009 ඡුන්ද හිමි නාම ලේඛණයට අනුව අනිකුත් දිස්ත්‍රික්කවලට හිමිව තිබූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2014 ඡන්ද නාම ලේඛණයට අනුවද වෙනසක් සිදුවී නැහැ.

මේ වසරේදී මහ මැතිවරණයක් පැවැත්වෙන බවට ආණ්ඩුව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව මෙවර ඡන්ද විමසීම සිදුකරනු ලබන්නේ 2014 ඡන්ද නාම ලේඛණයට අනුවයි. ඒ ඒ දිස්ත්‍රික්කවල ජන අනුපාතය අනුව වසරින් වසර මන්ත්‍රී ධුර වෙනස්වීම සිදුවනවා. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය පැවති 2014 ඡන්ද නාම ලේඛණයට අනුව දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය 19 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කොළඹට මන්ත්‍රී ධුර 19 ක්, ගම්පහට 18 ක්, කළුතර 10 ක්, මහනුවරට 12 ක්, මාතලේට 05 ක්, නුවරඑලියට 07 ක්, ගාල්ලට 10 ක් සහ මාතරට 08 ක් ලෙස බෙදී යනවා. ඊට අමතරව හම්බන්තොටට 07 ක්, යාපනයට 07 ක්, වන්නියට 06 ක්, මඩකලපුවට 05 ක්, දිගාමඩුල්ලට 07 ක්, ත්‍රිකුණාමලයට 04 ක්, කුරුණෑගල 15 ක් වශයෙන් මන්ත්‍රී ධුර වෙන්ව ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

පුත්තලමට මන්ත්‍රී ධුර 08 ක්, අනුරාධපුරයට 09 ක්, පොලොන්නරුවට 05 ක්, බදුල්ලට 08 ක්, මොණරාගලට 05 ක්, රත්නපුරයට 11 ක් සහ කෑගල්ලට 09 ක් ලෙසද තවදුරටත් මන්ත්‍රී ධුර බෙදී යනවා. මහ මැතිවරණයදී ඡන්දයෙන් මන්ත්‍රී ධුර 196 ක් සඳහා නියෝජිතයන් තෝරා ගන්නා අතර, ප්‍රසාද ආසන 29 ක්ද සමඟ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225 ක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories