හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සියලූ චෝදනාවලින් නිදහස්.

Wednesday, 21 January 2015 - 16:59

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සම්පූර්ණ සමාව ලබාදීමට ජනාධිපතිවරයා අද (21) තීරණය කළා. ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ හිමිව ඇති බලතල අනුවයි. පූර්ණ සමාව හිමිවීමත් සමඟ ජෙනරාල් සරත් ෆොන්සේකාට අහිමිව තිබූ සියලූ වරප්‍රසාද නීතිමය බාධාවකින් තොරව ලබාගැනීමට අවකාශ සැලසෙනවා.  

ජනාධිපති පූර්ණ සමාව හිමිවීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේ අද දිනයේ තමන්ට අහිමි කළ සියලූම වරප්‍රසාද නැවත ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි.  

නව ආණ්ඩුව යටතේ ඔහුගේ කාර්යභාරය කුමක්ද යන්නත් අප විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් හිටපු යුද හමුදාපතිවරයා කියා සිටියේ තනතුරු නොලැබුණද රට වෙනුවෙන් සේවය කිරීමට තමන් සූදානම් බවයි. එසේම ඉදිරි මැතිවරණවලට  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තරඟ කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories