ඡන්දය දවසේ අගවිනිසුරු අරලියගහ මන්දිරයේ සිටියා දැයි කල්පනාවක් නැහැ.- ගම්මන්පිල.

Wednesday, 21 January 2015 - 18:49

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD.
අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරණයදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිටි බවට නිශ්චිතව ප්‍රකාශ කිරීමට තමාට මතකයක් නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරණය දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා යැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) පස්වරු 2 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලට දැනුම් දී තිබුණා. ඒ අනුව එහි පැමිණි ඔහුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින්.

ජනාධිපතිවරණය දා එවකට පැවති රජය හමුදා කුමන්ත්‍රණයක් මගින් සිය බලය තහවුරු කර ගැනීමට උත්සාහ කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය 17 වැනිදා පැමිණිලි කළේ විදේශ අමාත්‍ය මංගල සමරවීරයි. එසේම ඊයේ රැස්වු ජාතික විධායක සභාවද මේ පිළිබඳව කඩිනමින් සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබාගත යුතු බවට තීරණය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ සිදුකළ යුතු බවටයි ජාතික විධායක සභාව එහිදී තීරණය කළේ.

ගම්මන්පිල මන්ත්‍රීවරයා සමඟ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණ සිටියා. කෙසේ වෙතත්, ප්‍රධාන අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත රැඳී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩිනම් කළ යුතු බවයි. අගවිනිසුරුවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටලූ පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අගවිනිසුරු මොහාන් පීරිස් එදින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිටියේ දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.  ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට මතකයක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories