අලි සෙල්ලම් යළිත්.

Thursday, 22 January 2015 - 8:07

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.
තාවකාලිකව නතර කරනු ලැබූ දෙහිවල සත්වෝද්‍යානයේ අලි රැඟුම් හැකි ඉක්මණින් නැවත ආරම්භ කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා පවසනවා. සත්වෝද්‍යානයේ සිටි අලින්ට ක්‍ෂය රෝගය ඇතැයි යන සැකය හේතුවෙන් අලි රැඟුම් නතර කිරීමට බලධාරීන් මීට පෙර කටයුතු කළා. ඒ හේතුවෙන් සත්වෝද්‍යානයේ සිටි අලින් 8 දෙනෙකුට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විවිධ පරීක්ෂණ සිදුකළා. අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිට සත්වෝද්‍යානයේ සිටින සියලූම අලින්ට ක්‍ෂය රෝගය නොමැති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ අලි රැඟුම් නතර කිරීම හේතුවෙන් සත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ද විශාල වශයෙන් අඩුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories