ඉන්ධන හිගයක්.ගැටළු ඇත්නම් දන්වන්න. විදුලිබල රාජ්‍ය ඇමති.

Thursday, 22 January 2015 - 12:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.
ඉන්ධන මිල අඩු කිරීමත් සමග ප්‍රදේශ කිහිපයක ඉන්ධන හිඟයක් දක්නට ලැබෙන බව වාර්තාවනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ඉන්ධනහල්වල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි. සමහර ඉන්ධන අලෙවිහල්වල ඉන්ධන නොමැති බවට දැන්වීම්ද පළ කර ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව මාතර, කුරුණෑගල, දඹුල්ල සහ මහනුවර ආදී ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් පවතින බවයි වාර්තාවන්නේ.  

දැනට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හිඟයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ ඒ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විශේෂ පැමිණිලි ඒකකයක්ද පිහිටුවා ඇති බවයි. ඔහු කියා සිටියේ 0115 234 234, 0115 455 130, 0115 455 251, 0115 455 254 යන දුරකථන අංකවලින් හෝ 0115 455431 0115 45 54 11 යන ෆැක්ස් අංකවලින් සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.  

මේ අතර ලංකා අයි. ඕ.සී. සමාගමද අද සිට ක්‍රියාත්මක වන පරිදි  සිය ඉන්ධන මිල ගණන් පහත හෙළා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩුවනවා. එහි නව මිල වන්නේ රුපියල් 117 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 30 ක සහනයක් ලබාදී ඇති අතර එහි නව මිල රුපියල් 128 ක්.

සාමාන්‍ය ඞීසල් ලීටරයක්ද රුපියල් 16 කින් අඩුකර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 95 ක්. සුපිරි ඞීසල් ලීටරයක මිලද රුපියල් 23 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 110 ක් වනවා. භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 16 කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 65 ක්.

ඉදිරි සතිය තුළ ගෑස් මිල සහනය පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.

ඉන්ධන මිල අඩුකිරීමත් සමග බස් ගාස්තුද සංශෝධනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. ඒ සමග ශ්‍රී ලංගම  බස් රථවලද ගාස්තු අඩු කරන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිමල් ඇනෙස්ලි  කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories