වංචා ගැන සොයන්න අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක්.

Thursday, 22 January 2015 - 13:00

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
පසුගිය කාලසීමාව තුළ සිදුවී ඇති මහ පරිමාණ දූෂණ සහ වංචා පිළීබඳ සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. නව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම කමිටුව මැති ඇමතිවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත බවයි.

අදාළ කමිටුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවක්ද පත්කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනු ඇති.  

නව රජයේ දින 100 වැඩසටහන නියමිත ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙකු සහ විද්වතුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ඊයේ රැස්වූ නව රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අමතරව පසුගිය රජය විසින් ආරම්භ කළ මහ පරිමාණ ව්‍යාපෘතීන්  සම්බන්ධයෙන් විමසා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් කමිටුවක්ද පත්කර ඇති බවයි කැබිනට් ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories