මහා පරිමාණ වංචා සෙවීමට අගමැතිවරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක්.

Thursday, 22 January 2015 - 19:16

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
පසුගිය කාලයේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීමට දූෂණ විරෝධී කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම් යන අමාත්‍යරවරුන් මෙන්ම ආර්.සම්බන්ධන්, අනුර දිසානායක, එම්.ඒ.සුමන්දිරන් සහ ජෙනරාල් සරත් ෆොන්සේකාද අයත්.

මෙම කමිටුවේ උපදෙස් පරිදි රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිඥයන්, මූල්‍ය හා විගණන විශේෂඥයන්ගෙන් සමන්විත ක්ෂණික ප්‍රතිචාර කමිටුවක්ද පිහිටුවා තිබෙනවා. එහි සම්බන්ධීකාරක වන්නේ අනුර දිසානායක මන්ත්‍රීවරයායී.

දූෂණ සෙවීමේදී පවත්නා නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන්නේ නම් විශේෂ පනතක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද ඊයේ (21) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී තිබෙනවා. හෙළිදරව් නොකළ වත්කම්වල මූලාශ්‍ර හෙළි කිරීම අනිවාර්ය කිරීම උදෙසා නව පනතක් කඩිනමින් හඳුන්වාදීමටද තීරණය කෙරුණා.

කොළඹ වරාය නගරය වැනි ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ යළි විමසා බැලීමටද කමිටුවක් පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට අලූතින් නිල වාහන නිකුත් නොකිරීමටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළා.

මහ කන්නයේ වී අස්වැන්න වෙළඳපොලට ලැබෙනවිට ආනයනික සහල් සඳහා වන බද්ද සුදුසු පරිදි වැඩි කිරීමටද තීරණය වී තිබෙනවා. එමෙන්ම, දින සියයේ වැඩපිළිවෙල අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා. එසේම රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධාන තරයේ පිළිපැදිය යුතු බවට උපදෙස්දීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories