තරඟ කරන්නේ අතින් ද, බුලත් කොළයෙන් ද තවම තීරණයක් නැහැ - සුසිල්.

Friday, 23 January 2015 - 7:29

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%2C+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.
ඉදිරි මහ මැතිවරණයට අත සලකුණෙන් ඉදිරිපත් වන්නේද නැතිනම් බුලත් කොළය යටතේ තරඟ කරන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගනු ඇති බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධුරය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට හිමිවිය යුතු බවයි මහ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories