ඉල්ලීමක් කලොත් මහින්ද රාජපක්ෂගේ වත්කම් පරීක්‍ෂාවට සූදානම්.

Friday, 23 January 2015 - 13:01

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
ඉදිරිපත් වන සියලූම නිල ඉල්ලීම්වලට අනුව තම රට තුළ පවතින්නේයැයි කියන ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වත්කම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට සූදානම් බව සී ෂෙල්ස් රාජ්‍යය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් රැස් කළ වත්කම් තම රටේ සඟවා ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමුකළ බවයි. කෙසේ නමුත්, සොරකම් කරන ලද වත්කම්වලට හෝ මූල්‍ය විශුද්ධිකරණයට තම රට ක්ෂේම භූමියක් බවට එල්ල වන චෝදනා සී ෂෙල්ස් විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා. තම රටේ මූල්‍ය සේවා සම්බන්ධයෙන් එල්ල වන මෙම චෝදනා පදනම් විරහිත බවයි සී ෂෙල්ස් විදේශ අමාත්‍ය ජෝන් පෝල් ඇඩම් අවධාරණය කළේ.

ශ්‍රී ලාංකිකයන් තම රටේ සිදුකරන  ඕනෑම ආයෝජනයක් සම්බන්ධයෙන් ද්වීපාර්ශවික බදු එකඟතාව ඔස්සේ පරීක්ෂා කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ නමුත්, සී ෂෙල්ස් දිවයිනේ බදු නීති රීති වල විනිවිදභාවය පිළිබඳව ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රශ්න කර ඇති බව ද සී ෂෙල්ස් ප්‍රවෘත්ති සේවාව හෙළිදරව් කළා. එහිදී එලෙස ප්‍රශ්න කර ඇති රටවල් දෙකක් වන්නේ සයිප්‍රස් රාජ්‍යය සහ ස්විට්සර්ලන්තයයි.


එම මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න - http://goo.gl/sOuVkx


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories