ඇමෙරිකානු ඇපල් විකිණීම තහනම් කෙරේ.

Friday, 23 January 2015 - 13:03

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%87%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග විකිණීම තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලනය ඒකකය පවසනවා. ලිස්ටීරියා නමැති රෝගකාරක බැක්ටීරියාව ඇමෙරිකාවෙන් වාර්තාවීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. කෙසේ වෙතත් අදාළ ඇපල් තොග තවමත් වෙළඳපොලට නිකුත් වී නොමැති බවයි වාර්තා වන්නේ. ලිස්ටීරියා බැක්ටීරියාව ඇතුළු වී ඇති බවට සැකයක් මතයි ඇමෙරිකාවෙන් ගෙන්වනු ලැබූ ඇපල් තොග විකිණීම තහනම් කර ඇත්තේ. මේ අතර, ආහාර පාලන ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇපල් ආනයනකරුවන් වෙත විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව, තමන් ඇමෙරිකාවෙන් ඇපල් ආනයනය කර ඇත්නම් එම තොග වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි එමගින් දැනුම්දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories