විශ්වය ජය ගැනීමට දරුවන් සූදානම් කළ යුතුයි. - ජනපති

Friday, 23 January 2015 - 13:12

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
නව පරපුරට නව ප්‍රවේශයක් ලබාදීම සඳහා දරුවන් ජාත්‍යන්තරය සඳහා සූදානම් කිරීම වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කර ඇති එඩෙක්ස් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට දරුවන් ශ්‍රී ලාංකික අභියෝගයට පමණක් සීමා නොවිය යුතු බවයි. ඇතැම් දෙමව්පියන් දරුවන්ට තරගයක් ඇත්තේ පන්ති කාමරය තුළ යැයි සිතන අතර ඇතමුන් ජීවත් වන ගම තුළ තම දරුවාට තරගයක් ඇති බව විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එහෙත්, මෙරට දරුවන් විශ්වය ජයගත හැකි දරු පිරිසක් බවට පත් කිරීම සඳහා සූදානම් කිරීම අවශ්‍යතාවය බව සියලූදෙනා පිළිගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories