Update: අතුරු අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය 10ක මිල අඩු කෙරේ.

Friday, 23 January 2015 - 16:30

Update%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+10%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
මේ මස 29 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල අනිවාර්යෙන්ම අඩු කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එසේම ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි රජ්‍ය සේවක වැටුප ද ඉහළ දමන  බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක ද එම අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ අතුරු අයවැය මගින් කිසිදු ලෙසකින් ජනතාව මත බදු බර පැටවීමක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවයි.

මේ අතර, ඉන්ධන සඳහා පැවති බදු අඩු කිරීමෙන් අහිමි වූ ආදායම පියවා ගන්නා ආකාරය පිළිබදව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කළා. එහි ප්‍රචාරක ලේකම්, පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.



Update: Friday, 23 January 2015 - 07:20 PM
................................................................
අතුරු අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල අඩුවෙයි - රාජ්‍ය සේවක වැටුප වැඩිවෙයි.

මේ මස 29 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අතුරු අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල අනිවාර්යෙන්ම අඩු කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසනවා. එසේම රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කෙරෙනු ඇති. පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීමට ඉවහල් වන පසුබිමක් නිර්මාණය කරන බවත් ජනතාව මත බදු බර පැටවීමක් සිදුනොකරන බවත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories