බස් ගාස්තු අඩු කිරීම ලබන සතියේ.

Saturday, 24 January 2015 - 13:29

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂකව ඉදිරි සතිය තුළ බස් ගාස්තු අඩු කිරීමට බලාපොරොත්තු වන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දුම්රිය ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද මේ දිනවල සාකච්ඡා කරමින් පවතින බවයි.

මේ අතර, පසුගිය දා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ පෞද්ගලික බස් ගාස්තු සියයට 7ක ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

මේ අතර, ගෘහස්ත ගෑස් මිල සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තීරණයකට එළඹීමට නියමිත බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories