Update: ඉල්ලා අස්වූ වඳුරඹ ඕ.අයි.සී යළි පොලිස් සේවයට.

Saturday, 24 January 2015 - 15:19

Update%3A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B6%B9++%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.
දේශපාලන බලපෑම් නිසා සේවයෙන් ඉවත් වූ වඳුරඹ පොලිසියේ හිටපු ස්ථානාධිපති පී.එල්.කීර්තිසිංහ යළි අද (24) සිට වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. සේවයෙන් ඉවත් වූ පසු තනතුර අතහැර යාමේ නියෝග ලබා සිටි ඔහු පසුව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් වෙත අභියාචනයක් යොමුකළා. ඒ අනුව, පී.එල්.කීර්තිසිංහ යළි වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.

ජනාධිපතිවරණ සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3 දෙනෙකු බලහත්කාරයෙන් මුදාගෙන යාම සම්බන්ධයෙන් මතුවූ අර්බුදයත් සමඟ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 22 වන දා සේවයෙන් ඉල්ලා අස්වුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ මුදාගෙන යනු ලැබුවේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා වදුරඹ නගරයේ සංවිධාන කර තිබූ ප්‍රචාරක රැළියක වේදිකාවට ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 3 දෙනෙක්. සැකකරුවන් 3 දෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමට සූදානම්ව සිටි අවස්ථාවේ වදුරඹ පොලිස් ස්ථානයට පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් මුදාගෙන යනු ලැබුවා. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා ලූහුබැදි වඳුරඹ පොලීසිය එම සැකකරුවන් යළි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, දිගින් දිගටම සිදුකෙරුණු බලපෑම් හමුවේ එවකට වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පී.එල්.කීර්තිසිංහ ප්‍රකාශ කළේ තමන් සේවයෙන් ඉල්ලා අස්වන බවයි.

එහෙත්, පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී ඔහු සිංගප්පූරුවට ගොස් තිබුණා. පසුව ඔහු යළි දිවයිනට පැමිණෙන විට පොලිස් අත්අඩංගුවට පත්වූයේ දෙසැම්බර් 28 වැනිදායි. අනතුරුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා. 

Update: Saturday, 24 January 2015 - 06:54 PM
...............................................................

ඉල්ලා අස්වූ වඳුරඹ  ඕ.අයි.සී යළි සේවයේ පිහිටුවයි.

දේශපාලන බලපෑම් නිසා සේවයෙන් ඉවත් වූ වඳුරඹ පොලිසියේ හිටපු ස්ථානාධිපති පී.එල්.කීර්තිසිංහ යළි අද (24) සිට වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. සේවයෙන් ඉවත් වූ පසු තනතුර අතහැර යාමේ නියෝග ලබා සිටි ඔහු පසුව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් වෙත අභියාචනයක් යොමුකළා. ඒ අනුව, පී.එල්.කීර්තිසිංහ යළි වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories