ඇමෙරිකානු ජනාධිපතිවරයා සෞදි අරාබියට.

Saturday, 24 January 2015 - 18:51

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජු වෙනුවෙන් බුහුමන් දැක්වීම සඳහා එක්වන ලෝක නායකයන් අතරට ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ද ඇතුළත්ව සිටිනවා. මේ වනවිටත් ලෝක නායකයන් රැසක් ඒ සඳහා සෞදි අරාබිය වෙත පැමිණීම තහවුරු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. වයස අවුරුදු 90ක්ව සිටියදී මිය ගිය අබ්දුල්ලා රජු සුන්නි ඉස්ලාමීය වහාබ් සම්ප්‍රදායට අනුව ඊයේ එරට පොදු සුසාන භූමියක සලකුණු නොකළ සොහොන් ගැබක මිහිදන් කෙරුණා. එහෙත් ඔහු වෙනුවෙන් බුහුමන් දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඞ් අද එහි පැමිණීමට නියමිතව තිබූ අතර ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් ද ඒ අතර සිටියා. කෙසේ වෙතත් හෙට ඉන්දියාවට පැමිණෙන ජනාධිපති ඔබාමා ද සෞදි අරාබිය වෙත පිටත්ව යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories