Update: හැව්ලොක්සිටි සිව් හැවිරිදි දැරියගේ මරණයට හේතුව.

Sunday, 25 January 2015 - 7:08

Update%3A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80.
වැල්ලවත්ත - හැව්ලොක් සිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී මිය ගිය කුඩා දැරියගේ මරණයට හේතුව උසකින් වැටීම නිසා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට සිදුවූ බරපතල හානි බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී උපාලි පෙරේරා විසින් අද (25) දහවල් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර අනතුරෙන් මිය ගියේ ෆාතිමා සෆ්නා නමැති සිව් හැවිරිදි දැරියක්.

වත්තල - මාබෝල ප්‍රදේශයේ පදිංචි දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ ෆාතිමා සිය දෙමව්පියන් සමඟ මෙම නිවාස සංකීර්ණයේ 11 වන මහලේ පදිංචි සිය ඥාති නිවසකට පැමිණ ඇත්තේ මීට දින දෙකකට පෙරයි. ඊයේ දහවල් 12ට පමණ මෙම දැරිය සිය මව සහ සහෝදර සහෝදරියන් සමඟ මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පිහිටි උද්‍යානයට සෙල්ලම් කිරීමට පැමිණ තිබෙනවා. පසුව ෆාතිමා සෆ්නා 8 හැවිරිදි තම වැඩිමහල් සහෝදරිය සමඟ බීමට ජලය ලබා ගැනීම සඳහා විදුලි සෝපානයෙන් 11 වන මහල වෙත ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී නැගෙනියට විදුලි සෝපානයට වී සිටින ලෙස පවසා වැඩිමහල් සහෝදරිය ඉන් පිටතට පැමිණ ඇති අතර ඉන් අනතුරුවයි සිව් හැවිරිදි ෆාතිමා සෆ්නා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ.                     

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහල් 22කින් සමන්විත හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉහළම මහලින් වැටී මෙම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක කරන බවයි. අදාළ අනතුර සීසි ටීවී කැමරා තුළ පටිගත වී ඇත්දැයි සොයා බැලූව ද එය සටහන් වී නොමැති බව අනාවරණ වුණා. කෙසේ වෙතත්, දැරියගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මහල් නිවාස සංකීර්ණය භාර නිලධාරීන්ට චෝදනා කරන්නේ නිසි ආරක්ෂිත වැටක් නොමැතිවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.  

  

Sunday, 25 January 2015 - 7:39 PM
...................................................................................................................................................................            
හැව්ලොක් නිවාස සංකීර්ණයේ දැරියගේ මරණය අභිරහසක්.

හැව්ලොක් නිවාස සංකීර්ණයෙන් වැටී දැරියක මියයාමේ සිද්ධිය තවදුරටත් අභිරහසක් බව පොලිසිය පවසනවා.  ඊයේ රාත්‍රියේ හැව්ලොක් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තිබී සිව් හැවිරිදි කුඩා දැරියකගේ මළසිරුරක් හමුවුණා.  පසුව අනාවරණය වුණේ එම නිවාස සංකීර්ණයේ 11 වන මහලේ නිවසක රැදී සිටි දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම දැරිය වත්තල - මාබෝල ප්‍රදේශයේ පදිංචි දැරියක වන අතර, හැව්ලොක් නිවාස සංකීර්ණයේ පිහිටි  ඇගේ මවගේ ඥාති සොහොයුරියගේ නිවසට  පැමිණ ඇත්තේ දින දෙකකට පමණ ඉහතදීයි.

නිවාස සංකීර්ණයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කළද දැරියගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට මේ වනවිටත් අපොහොසත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ.

Sunday, 25 January 2015 - 7:08
...................................................................................................................................................................

නිවාස සංකීර්ණයක 22 වන මහලෙන් වැටී දැරියක් මියයයි. 

වැල්ලවත්ත - හැව්ලොක්සිටි නිවාස සංකිර්ණයේ 22 වන මහලෙන් වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දැරිය ඊයේ (24) රාත්‍රීයේ 22 වන මහලෙන් බිමට වැටී ඇති අතර, පසුව බරපතල තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළා. එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්. දැරියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කළුබෝවිල රෝහලේදී අද පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories