අලූත් කොමිෂන් ඕනේ නැහැ.

Sunday, 25 January 2015 - 8:11

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
මෙරට පැවති යුද්ධය සම්බන්ධයෙන් නව පරීක්ෂණ කමිටු පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. මේ වනවිට යුද්ධය පැවති කාලසීමාවේ සිදුවීම් සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර පරීක්ෂණ කිහිපයක්ම සිදුකර අවසන්. දෙමළ සන්ධාන ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම පරීක්ෂණ කමිටුවල නිර්දේශ අවධානයට ලක් කොට ක්‍රියාවට නැංවීම වඩා වැදගත් පියවරක් බවයි.

මේ අතර, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නව රජය පත්වීමත් සමග ජාතික ගැටලූව විසඳීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ද අහෝසි වන බවයි. නව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට රජය සමග සාකච්ඡා කොට ජාතික ගැටලූව විසඳීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකි බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories