ජයන්ත ධනපාල ජගත් මානව හිමිකම් කොමසාරිස් හමුවට.

Sunday, 25 January 2015 - 13:14

%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B0%E0%B6%B1%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD++%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් සෙයිද් අල් හුසේන් ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාවට ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සටහනක් ඇතුළත් කර තිබෙනවා. එමඟින් මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන බවයි වාර්තාවන්නේ. පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙරට මානව හිමිකම් තත්ත්වය සහ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී කරුණු ඉදිරිපත් කරනු ඇති. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ ඇගයීම් කාලසීමාව තුළ සිදුවීම් පිළිබඳවයි එමඟින් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල හෙට ජිනීවා නුවරදී ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මුණගැසීමට නියමිතයි. ජගත් මානව හිමිකම් මණ්ඩලය මගින් ශ්‍රී ලංකාව පිළිබඳව පවත්වන පරීක්ෂණය සම්බන්ධයෙන්ද ආචාර්ය ධනපාල එහිදී අදහස් හුවමාරු කරගැනීමට නියමිතයි. පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙරටට පැමිණීම සඳහා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නියෝජිතයන් කර තිබූ ඉල්ලීම මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අදාළ පරික්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ලබන මාර්තු මාසයේ ඉදිරිපත් කරන වාර්තාවෙන් කරුණු දක්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories