ඉන්දීය ජනරජ දිනය අභිමානවත් ලෙස සැමරේ.

Monday, 26 January 2015 - 13:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A.
ඉන්දියාවේ 66 වන ජනරජ දිනය මේ වනවිට රාජ්පුත් හිදී පැවැත්වුණා. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙම ජනරජ දින උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වී සිටින අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී ඇතුලූ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසක් ඊට එක්ව සිටිනවා.  ජනරජ දින උත්සවයේ පළමුවෙන්ම ඉන්දීය ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ආචාර පෙළපාලිය ආරම්භ වූ අතර ඊට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මෙන්ම යුද හමුදාවට අයත් සන්නද්ධ රථද එක්ව තිබුණා. මෙම ජනරජ දින උත්සවය සඳහා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිද එක්ව සිටියා. හමුදා ආචාර පෙළපාලියෙන් අනතුරුව ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග ඇතුළත් පෙළපාලියක්ද පැවැත්වුණා.  රාජ්පුත් හිදි අද පැවති ජනරජ දින උත්සවය වර්ෂාව මධ්‍යයේ පැවැත්වුණද රැස්ව සිටි පිරිසගෙන් ඊට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories