සියලූම ජාතික පාසල්වල විදුහල්පතිවරු හෙට කොළඹට.

Monday, 26 January 2015 - 13:08

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.
ජාතික පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් චක්‍රලේඛය හෙට (27) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික පාසල්වල මින් ඉදිරියට මුදල් එකතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සියලූම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් හෙට සිය අමාත්‍යාංශයට කැඳවා දැනුවත් කරන බවයි. මින් ඉදිරියට දේශපාලනඥයින්ගේ නම් පාසල්වලට හෝ එහි ගොඩනැගිලිවලට නොයෙදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, සියලූම රජයේ පාසල්වල අධ්‍යයන කාලසීමාව පෙරවරු 7.30 සිට 1.30 දක්වා පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ ඇතැම් පාසල්වල අධ්‍යයන කාලසීමාව පස්වරු 3 ට අවසන් වූ බවයි. එම පාසල්වලට ද නව තීරණය දැනුම් දෙන බව විෂය භාර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories