ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂකට රටින් පිටවීම තහනම්.

Monday, 26 January 2015 - 19:17

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන භාරව සිටි ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති දිසානායකට  රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම තහනම පනවමින් ඒ පිළිබදව ආගමන සහ විගමන පාලකවරයාට ලිඛිත නියෝගයක් ද නිකුත් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 249ක් මෙතෙක් භාර දී නොමැති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. අද (26) මෙම නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මොහු රටින් පිටව ගියහොත් එය පක්ෂණවලට බාධාවක් විය හැකි බවයි.

මේ අතර, මිනුවන්ගොඩ - දෙවොලපොල - වටිනපහ ප්‍රදේශයේ ගෙවත්තක අතහැර දැමූ ළිඳක තිබී හමුවූ අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් ලිපිලේඛන අඩංගු ගෝනි 19 සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී එහි අත්‍යාවශ්‍ය ලිපිලේඛණ නොතිබුණු බව අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගෝනිවල තිබී හමුවූ ලිපිලේඛන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් 4 දෙනෙකු අද මිනුවන්ගොඩ පොලීසියට පැමිණි බවයි. හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් මිනුවන්ගොඩ - වටිනපහ ප්‍රදේශයේ ගෙවත්තක පාළු ළිඳක තිබී අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් ලිපිලේඛණ අඩංගු ගෝනි 19 සොයා ගත්තේ පසුගිය සෙනසුරාදායි.

මේ අතර, මිරිහාන - නාවල පාරේ වාහන පිරිසිදු කිරීමේ ස්ථානයක තිබී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් තවත් මෝටර් රථයක් සහ කැබ් රථයක් ඊයේ (25) සොයා ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හමුවූ හමර් වර්ගයේ මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් එකක් නොවන අතර ඒ සඳහා අයිතිකරුවෙකු සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories