මෝදි පිළිවෙත ශ්‍රී ලංකාවට හිතකරයි. - අගමැති.

Tuesday, 27 January 2015 - 13:12

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් කෙරෙහි විශාල උනන්දුවක් දක්වන නායකයෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඉන්දීය ජනරජ දිනය සමරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඊයේ (26) සන්ධ්‍යාවේ පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෝදිගේ ආකල්පය ශ්‍රී ලංකාවට හිතකර ලෙස බලපානු ඇති බවයි. එමගින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල නව යුගයක් උදාකිරීමට හැකි වනු ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කළා.

ඉන්දියාව සමඟ පවතින සාම්ප්‍රදායික සබඳතාවලින් ඔබ්බට ගොස් නව යුගයට සරිලන ලෙස ආර්ථික සබඳතා ශක්තිමත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නැගී එන අසල්වැසි බලවතාගෙන් හිමි වන අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා ඉන්දියාව සමඟ එක්වන ලෙස ඔහු මෙරට ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කළා. ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඊයේ පැවැති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇත්තේ එතෙක් පැවති සම්ප්‍රදාය බිඳිමින්. මහකොමසාරිස් කාර්යාලයේ ජන රජ උළෙලට රාජ්‍ය නායකයන්ට ආරාධනා නොකිරීම ඊට හේතුවයි.

ඊයේ පැවැති උත්සවය සඳහා අමාත්‍යවරුන් 26 දෙනෙකු, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග ද සහභාගි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories