Update: පෙබරවාරි 1 වැනිදා සිට බස් ගාස්තු අඩුවේ. අවම ගාස්තුව රුපියල් 8 යි.

Tuesday, 27 January 2015 - 14:15

Update%3A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+1+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+8+%E0%B6%BA%E0%B7%92.

සියලූ බස් ගාස්තු පෙබරවාරි මස 1 වැනිදා සිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් අඩු කෙරෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. ප්‍රවාහන අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කෙරෙන බවයි.

රුපියල් දහතුනේ ගාස්තුව රුපියල් 12 දක්වාත්, රුපියල් 18 සිට රුපියල් 34 දක්වා වූ ගාස්තු රුපියල් දෙකකින්ද, රුපියල් 37 සිට රුපියල් 41 දක්වා වූ ගාස්තු රුපියල් 3 කින්ද නව සංශෝධනය යටතේ අඩුකර තිබෙනවා. එමෙන්ම රුපියල් 44 සිට රුපියල් 59 දක්වා වූ ගාස්තු රුපියල් 4 කින් සහ රුපියල් 62 සිට රුපියල් 64 දක්වා වන ගාස්තු රුපියල් 5 කින් අඩුවනු ඇති. දැනට ක්‍රියාත්මක වැඩිම බස් ගාස්තුව වන රුපියල් 708 ක ගාස්තුව රුපියල් 651 දක්වා අඩුකර තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු, අධිවේගී මාර්ග බස් රථ ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.



ගාස්තු සංශෝධන අවස්ථා පහතින්..



Update: Tuesday, 27 January 2015 - 06:47 PM
......................................................................
බස් ගාස්තු සියයට 8 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් අඩුවේ. අවම ගාස්තුව රුපියල් 8 යි.

සියලූ බස් ගාස්තු පෙබරවාරි මස 1 වැනිදා සිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් අඩු කෙරෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. ප්‍රවාහන අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කෙරෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories