සත්‍ය ජයගනී. චෝදනා ගැන හිටපු ජනපති කථා කරයි.

Tuesday, 27 January 2015 - 18:37

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රියාමාර්ග පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරණය අතරතුර සහ ඉන්පසුව තමාට, පවුලට මෙන්ම තම ආණ්ඩුවටද විවිධ චෝදනා එල්ලවූ බවයි. එහෙත් සිදුවන්නේ ජනමාධ්‍ය හරහා ද්වේෂ සහගත මඩගැසීමක් බව හිටපු ජනාධිපතිවරයා අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ජනවාරි 9 වැනිදා උදෑසන හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් අඛණ්ඩව බලයේ රැඳී සිටිීමට උත්සාහ ගත් බවට එල්ලවන චෝදනාව පිළිබඳ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ තමා සිදුකළේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවකින් අනතුරුව අරලියගහ මන්දිරයෙන් නික්ම යෑම පමණක් බවයි. අරලියගහ මන්දිරය තුළ රජයේ වියදමින් අධිසුඛෝපභෝගී ජීවිතයක් ගතකළ බවට ජනතාවට ඒත්තු ගැන්වීමේ උත්සාහයද ඔහු ප්‍රතික්ෂේප කරනවා. විදේශීය රාජ්‍ය නායකයන් පවා පිළිගනු ලබන්නේ අරලියගහ මන්දිරයේදී බැවින් එවන් තැනක පවතින පහසුකම් අදාළ කරුණට ගැළපෙන අයුරින් සකස් කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තම රුව සහිත භාණ්ඩ වැටලීම් සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු සිය නිවේදනයේ සඳහන් කරන්නේ එවැනි දේ විවිධ ප්‍රද්ගලයන් සතුව තිබීම වරදක් නොවන බවයි. හිටපු ජනාධිපති ආර්යාව, මහා භාණ්ඩාගාරයට අයත් රත්‍රං කිලෝ 100 ක් වංචනිකව විකිණීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් වන චෝදනාවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කරුණු දක්වා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මහා භාණ්ඩාගාරයට අයත් රත්‍රං ජනාධිපති ආර්යාවට හෝ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාටවත් හොර රහසේ විකිණිය නොහැකි බවයි.

අරලියගහ මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ ඇති බව පවසමින් පොලීසිය පරීක්ෂා කළ කන්ටේනර් දෙකක් පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහි පැහැදිළි කිරීමක් කර තිබුණා. නිල නිවසෙන් ඉවත් වූ පසු ඒවා රැගෙන යාමට තැනක් නොමැති නිසා තමාට සහ පවුලට අයත් ගෘහ භාණ්ඩ එහි ගබඩා කර තිබූ බවයි ඔහු පවසන්නේ. ඇතැම් අය චෝදනා කරන පරිදි යම් ව්‍යාපෘතියක ඇස්තමේන්තු කෘතීම ලෙස කිහිප ගුණයකින් වැඩි කිරීමට නම් ඊට හවුල්වන ආණ්ඩුවේ ආයතන, ජාත්‍යන්තර උපදේශන සේවා, කොන්ත්‍රාත්කරුවන් මෙන්ම ණය ලබාදෙන ආයතන අතරත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

චින ණයවලින් ඉදිකරන ව්‍යාපෘති පමණක් විවේචනයට ලක්වන බවත්, චීනය ශ්‍රී ලංකාවේ සියලූ ආණ්ඩුවලට සහය දැක්වූ මිත්‍රශීලී රටක් වන නිසා ඔවුන්ට අපහාසයක් නොවන ලෙස හැසිරිය යුතු බවට තමන් යෝජනා කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙමඟින් ප්‍රකාශ කළා. ඔහු මහා සංඝ රත්නය, සියලූ පූජකතුමන්ලා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙත යොමුකළ මෙම නිවේදනය අවසන් කර ඇත්තේ සත්‍ය කවදා හෝ ජයගනී යන්න තම විශ්වාසය බව පවසමින්.



එම නිවේදනය පහතින්..




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories