ශෂී වීරවංශට මොකක් වෙයිද?

Tuesday, 27 January 2015 - 18:57

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ රථවාහන 749 න් 87 ක් තවමත් අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම වාහන සොයාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ සතුව විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බවට ලැබුණු පැමිණිල්ලට අදාළව කරන ලද විමර්ශන සම්බන්ධයෙන්ද මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. ඔහු කියා සිටියේ උපන් දින දෙකක් යොදා සැකසූ සාමාන්‍ය ගමන් බලපත්‍රයක් සහ රාජතාන්ත්‍රික බලපත්‍රයක් ඇය සතුව පවතින බවයි. නීතිරෝධි අයුරින් මෙම බලපත්‍ර දෙකම ඇය භාවිත කර ඇත්නම් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන බව ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories