ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බඳවා ගත් 16,000කට වෙනත් වැඩ

Wednesday, 28 January 2015 - 12:56

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+16%2C000%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්තව ආර්ථික සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කළ උපාධිධාරීන් 16,000කට ආසන්න පිරිසක් වෙනත් අංශවලට යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොළඹ අද (28) පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව කියා සිටියා. ඔහු සදහන් කළේ මෙම උපාධිධාරීන් දේශපාලන අවශ්‍යතා මත බඳවාගෙන ඇති අතර ඉන් කිසිඳු ඵලදායීතාවක් නොලැබෙන බවයි. ඒ අනුව ඔවුන් වෙනත් අමාත්‍යාංශවලට අනුයුක්ත කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories