ධාවනය වෙමින් තිබූ මගී බස් කොල්ලය

Thursday, 29 January 2015 - 7:56

%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA
ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් නවතා එහි සිටි රියදුරා සහ මගීන් බස්සවා බස් රථය පැහැරගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බස් රථය කඩුවෙල - කොල්ලූපිටිය මාර්ගයේ ධාවනය වන අතර එය ඊයේ දිනයේදී කඩුවෙල ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් හතරදෙනෙකු මග හරස් කොට නවතා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පොලීසිය එම අවස්ථාවේදීම බස් රථය හඹා ගොස් කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත්තේ බස් රථයේ අයිතිකරු සමග සිදුව ඇති මුදල් ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි. සැකකරුවන් මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories