Update: වත්තල ප්‍රාදේශීය සභාවේ ගුටි කෙළියක්

Friday, 30 January 2015 - 13:09

Update%3A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ. ත්‍යාගරත්න අල්විස්ට සහ එහි මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට අද (30) පහරදීමක් සිදුවුණා. ඒ, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළදී සහ සභා  පරිශ්‍රයේදීයි.

වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම මෙන්ම මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පිළි ගැනීමේ උත්සවයක් ද අද එහි පැවැත්වුණා. පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව පැවති මාසික සභා වාරයේදී මෙම පහරදීම සිදුවූ බවයි වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් සඳහන් කළේ. පහරකෑමෙන් සභාපතිවරයාට අමතරව රුක්මන් නිශාන්ත, යොහාන් වික්‍රමසිංහ සහ සනත් පියසිරි යන සන්ධාන මන්ත්‍රීවරුන් ද තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කෙරුණා.

මාසික සභා රැස්වීම අතරතුර තම කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ මන්ත්‍රීවරුන් පහර දුන් බවයි වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ. ත්‍යාගරත්න අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඇති වූ කලහකාරී තත්ත්වයෙන් අනතුරුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද වත්තල ප්‍රාදේශීය සභා භූමියට පැමිණියා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළේ අමාත්‍යවරයා අද උදෑසන එහි පිළිගැනීමේ උත්සවයක් සඳහා සහභාගි වී සිටීම හේතුවෙන්. ඔහු කියා සිටියේ ගැටුම ඇතිවූ අවස්ථාවේදී තමන් එම ස්ථානයේ නොසිටි බවයි.



Update: riday, 30 January 2015 - 07:20 PM
-------------------------------------------------------------------------------
වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සන්ධාන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසකට අද (30) පැවති සභා රැස්වීම අතරතුරදී පහරදීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. එම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී නීල් ඉන්දික සඳහන් කළේ සභා රැස්වීම ආරම්භ වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිතවත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකළ බවයි.

කෙසේ වුවත්, චෝදනාව එල්ල වන වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් තොරතුරු විමසීමට අප දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඔවුන් දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories