ජගත් සංවිධාන පරීක්ෂණයට ශ්‍රී ලංකාව සහය වන ආකාරය ගැන බෑන් කී මූන් අවධානයෙන්

Friday, 30 January 2015 - 13:14

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් සංවිධානය පවත්වන පරීක්ෂණවලදී නව රජය ඊට සහය දක්වන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඔහුගේ ප්‍රකාශකයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙතින් සුබවාදී ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි. ජගත් සංවිධාන පද්ධතිය සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරන ආකාරයද මහ ලේකම්වරයාගේ සැලකිල්ලට යොමු වනවා. මෙරට පැවති යුද්ධය සම්බන්ධයෙන් නව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව නව රජය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදීයි මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා මෙම අදහස් පළ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories