උණුසුම් වූ පාර්ලිමේන්තුව වේලාසනින් කල් දමයි.

Friday, 30 January 2015 - 18:00

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.
මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂය ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීම නිසා පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා. පසුව පාර්ලිමේන්තුව මිනිත්තු 20 කට කල් දැමූ අතර, මිනිත්තු 30 කට පමණ පසුව යළි රැස්වුණා. අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇත්තේ පෙබරවාරි 05 වැනිදා අදාළ විවාදය ලබාදීමටයි.

පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතරතුර, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගී සිටිමින් අද (30) දිනයේ විවාදය අරඹා එක් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට හෝ කතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එහෙත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 05 වැනිදා විවාදය ලබාදෙන බවයි. දෙවැනිදා එය ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලීමක් කළද ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේ නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වෙන බව පවසමින්.

ඒ බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කිරීමත් සමඟ න්‍යාය පත්‍රයේ නොතිබූ විවාදයක් පාර්ලිමේන්තුවේ ඇතිවුණා. ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පිළිබදව විවිධ ප්‍රකාශ සිදුකළ අතර, අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories