Update: 44 වන අගවිනිසුරු කේ. ශ්‍රීපවන්

Friday, 30 January 2015 - 19:01

Update%3A+44+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94++%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාවේ 44 වන අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රීපවන් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. 1952 වසරේ පෙබරවාරි 29 වන දා උපත ලද ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ යාපනය හින්දු විද්‍යාලයෙන්. 1978 වසරේදී වැඩබලන රජයේ නීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාව ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති විශාරද උපාධිය ද හිමි කරගෙන තිබෙනවා. 2002 වසරේදී අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්වන කේ. ශ්‍රීපවන් 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් වුණා.



Update: Saturday, 31 January 2015 - 08:23 PM
-------------------------------------
අගවිනිසුරු ලෙස ශ්‍රීපවන් දිවුරුම් දෙයි.

ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස විනිසුරු කේ. ශ්‍රීපවන් අද (30) දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories