Update: වත්තල ප්‍රා.දේ. සභාවේ ගුටි කෙළියට 3ක් කොටුවෙයි

Saturday, 31 January 2015 - 8:11

Update%3A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B6%AF%E0%B7%9A.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වත්තල ප්‍රාදේශීය සභාවේ ඊයේ (30) ඇති වූ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ ඔවුන් වත්තල සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. තවත් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ඔහු කියා සිටියා.

වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සහ මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පිළි ගැනීමේ උත්සවයක් ඊයේ උදෑසන එහි සංවිධානය කර තිබුණා. අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ පැවැති මාසික සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. පසුව මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රාදේශීය සභාවෙන් පිටත ප්‍රදේශයේ රැස්ව සිටි පිරිස අතුරින් ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණා.  

මාසික සභා රැස්වීම අතරතුර ද තම කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ මන්ත්‍රීවරුන් පහර දුන් බවයි වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ. ත්‍යාගරත්න අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

වත්තල ප්‍රාදේශීය සභාවේ ගුටි කෙළියක්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories