Update: දෝහා රිය අනතුරෙන් මියගිය ගුවන් සේවිකාවගේ දේහය ගෙන්වා ගැනීමට පියවර

Saturday, 31 January 2015 - 10:59

Update%3A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
දෝහා - කටාර් හිදී ඊයේ (30) සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩී කුවේ ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු සහ ගුවන් සේවිකාවකද එහිදී තුවාල ලැබුවා. කාන්තාර චාරිකාවක නිරත වද්දී, ඔවුන් ගමන්ගත් ජීප් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් ගුවන් සේවය දැඩි කම්පාවට සහ කනස්සල්නට පත්වූ බවයි. අනතුරට මුහුණදුන් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ පවුල් සමග සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. තුවාල ලැබූ දෙදෙනෙකු මේ වනවිට රෝහලෙන් නික්ම ගොස් ඇති අතර, තවමත් එහි ප්‍රතිකාර ලබන්නේ ගුවන් සේවිකාවක පමණයි. නියෝමි ශිවන්ති නැමැති ඇගේ සැමියා පසුගියදා හෝකන්දර සිදුවු ගුවන් අනතුරෙන් මියගිය නියමුවෙක්.

මියගිය ගුවන් සේවිකාවගේ දේහය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර, සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා. කෙසේ නමුත්, ගුවන් ගමන් අතරතුර විවේක කාලයේ ගුවන් කාර්ය මණ්ඩල මුහුණදෙන මෙවැනි අනතුරුවලදී වගකීම දරන්නේ කවුරුන්ද යන්න ගැටලූවක්.



Update: Saturday, 31 January 2015 - 06:58 PM
...............................................................

දෝහාවල දී මියගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව

ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවක දෝහා - කටාර් හි ඊයේ (30) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එහිදී තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සහායකයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ගුවන් සේවිකාව පමණක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ශ්‍රී ලන්කන් ගුවන් කාර්ය මණ්ඩල කණ්ඩායම දෝහා හි කාන්තාරයේ චාරිකාවක නිරත වද්දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් ගුවන් සේවය දැඩි කම්පාවට සහ කනස්සල්නට පත්වූ බවයි. අනතුරට මුහුණදුන් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ පවුල් සමග සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම මෙම අනතුරට පත්වූ අය අතර පසුගියදා හෝකන්දර ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය ප්‍රධාන ගුවන් නියමුවාගේ බිරඳ ද සිටින බවට වාර්තා වනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories