අතුරු අයවැය 99% ක් මහජනයා වෙනුවෙන් - අගමැති

Saturday, 31 January 2015 - 19:27

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+99%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
රජය ඉදිරිපත් කළ අතුරු අයවැය 99% ක් වූ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවර අද (31) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පැවති රජය අයවැය ඉදිරිපත් කළේ 1% ක් ඉලක්ක කරගෙන බවයි. එයින් ප්‍රතිලාභ ලබාගත්තේ ධනපතියන් වූ බැවින් එය වෙනස් කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.  ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමට අවස්ථාව සලසා නොදෙන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

හොරකම්, වංචා වලින් තොරව තරඟකාරී ආර්ථිකයක් තුළින් නැගී සිටීමට, සියල්ලන්ට අවස්ථාවක් හිමිවන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලබන අප්‍රේල් 23 වැනිදා ආණ්ඩුව විසුරුවා හැරීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories