අතුරු අයවැය දින සියයකට සීමා නැහැ - මුදල් ඇමති

Saturday, 31 January 2015 - 19:58

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
පසුගිය 29 වැනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු අතුරු අයවැය දින සියයකට පමණක් වලංගු අයවැයක් නොව දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් යටතේ සකස් කරන ලද්දක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (31) මහනුවර දී මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවයි.

මුදල් අමාත්‍යවරයා මුලින්ම අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දුටුවා. එහිදී අස්ගිරි මහ නාහිමියන් ප්‍රකාශ කළේ දේශීය ව්‍යාපාර නඟා සිටුවීමට කටයුතු කළ යුතු බවයි.

එදා ධනපතියන් ලෙස සැලකූ එක්සත් ජාතික පක්ෂය දුප්පත් ජනතාව ගැන සිතා කටයුතු කිරීම ප්‍රශංසාත්මක පියවරක් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් මෙහිදී ප්‍රකාශ කළා.































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories