සැකකරු පනී පොලීසියේ 2 කට ස්ථාන මාරු

Sunday, 01 February 2015 - 8:17

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+2+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට ගිය තරුණයෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.  නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු දුවගොස් ඉහල කොත්මලේ ජලාශයට පැන තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

මේ අතර ඊයේ පස්වරුවේ මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් තලවකැලේ - පූඩළුඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයකද නිරතවුණා. එහිදී උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ තරුණයා ජලාශයට පැනීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.







































































ඡායාරූප - රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories