Update: කොත්මලේ ජලාශයට පැන්න පුද්ගලයාගේ සිරුර හමුවේ

Sunday, 01 February 2015 - 14:21

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තලවකැළේ - දුම්රිය ස්ථානය ආසන්නයේ දී උඩරට දුම්රිය මාර්ගය හරස් කරමින් එම ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව මේ වන විට අවසන් කර තිබෙනවා. උද්ඝෝෂණය හේතුවෙන් ඇණහිට තිබූ තලවකැළේ - පූඩළුඔය මාර්ගයේ ගමනාගමන කටයුතු සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. ඊට විරෝධය පළ කරමිනුයි ප්‍රදේශවාසීන් මෙලෙස දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණේ. මේ අතර, කොත්මලේ ජලාශයට පැන්න අදාළ සැකකරුගේ සිරුර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය අද (01) පස්වරුවේ එක් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත්, කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව විරෝධතාවයේ නිරත පිරිස පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.                     

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල නොකළ බවයි.













Update: Sunday, 01 February 2015 - 06:55 PM
................................................................
තලවකැළේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

තලවකැළේ - දුම්රිය ස්ථානය ආසන්නයේ දී උඩරට දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතාවයේ නිරත පිරිස පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ. අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. ඊට විරෝධය පළ කරමිනුයි ප්‍රදේශවාසීන් අද දහවල් සිට මෙලෙස දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන්නේ. මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට ධාවනය වන දුම්රිය කොටගල දුම්රිය ස්ථානයෙන් නවතා ඇති අතර බදුල්ලේ සිට පැමිණෙන දුම්රිය තලවකැළේ ප්‍රදේශයෙන් නවතා ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. ජලාශයට පැන්න බවට තොරතුරු වාර්තා වන පුද්ගලයා සොයා පොලීසිය මේ වන විට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.






















Update: Sunday, 01 February 2015 - 03:36 PM
................................................................
උඩරට මාර්ගයේ දුම්රිය ගමන් තලවකැළෙන් නවතී

විරෝධතාවක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තලවකැළේ ප්‍රදේශයෙන් නතර වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ කොළඹ කොටුවේ සිට ධාවනය වන දුම්රිය කොටගල දුම්රිය ස්ථානයෙන් නවතා ඇති අතර බදුල්ලේ සිට පැමිණෙන දුම්රිය තලවකැළේ ප්‍රදේශයෙන් නවතා ඇති බවයි. අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ (31) වාර්තා වූ අතර ඊට විරෝධය පළ කරන ප්‍රදේශවාසීන් මෙලෙස දුම්රිය මාර්ගය අවහිර කර ඇති බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ. ජලාශයට පැන්න බව කියන සැකකරුගේ සිරුර ද මෙතෙක් හමුවී නැහැ.





















ඡායාරූප - රංජිත් රාජපක්ෂ

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

සැකකරු පනී පොලීසියේ 2 කට ස්ථාන මාරු


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories