ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා නව තලයකට

Monday, 02 February 2015 - 13:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා නව තලයකට ගෙන එන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. එහි මූලික පියවරක් ලෙස තමා මේ මස 12 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වොෂින්ටන් නුවරදී හමුවන බවයි ඔහු කියා සිටියේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට අද පෙරවරුවේ එක්වෙමින්.

‘‘මෙම මාධ්‍ය හමුවේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල්ද අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්. ඇත්තටම ලංකාවට මෙට එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ලංකාවේ සිදුවෙලා තියෙන පරිවර්තනය ගැන මුළු ලෝකෙම කතා වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා. ඒවගේම ජනාධිපති ඔබාමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මේ දින 100 වැඩපිළිවෙල ගැන ඇමෙරිකාව ඇගයීමට ලක් කරනවා. මොකද ශ්‍රී ලංකා  ආණ්ඩුව දැනටමත් ඒ වැඩපිළිවෙලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කරලා ඉවරයි. ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ’’

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණියේ අද (02) අලූයමයි. ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු නව රජයේ ප්‍රධානීන් ද හමුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories